දිවයින පුරා පැතිර යන, වෛරස් රෝග කිහිපයක් ගැන විශේෂ දැනුම්දීමක්..! ආරක්ෂා වීම සදහා කළයුතු දේ..

By Sewvandhi Nov 25, 2022 08:33 AM GMT
Report

මේ දිනවල ඉතාමත් වේගයෙන් පැතිර යන, ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් වෛරස් රෝග කිහිපයක්ම පවතින බව සෞඛ්‍ය අංශ දැනුම්දෙනවා. 

 ළමා ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කොරෝනා සමයේ පිළිපැදි සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කළහොත් මෙම වෛරස තත්වයන්ගෙන් ආරක්ෂා වීමට හැකිවනු ඇති බවයි.

මේ අතර,කොවිඩ් රෝගය හා සැසදීමේ දී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව අවම බවය. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතින බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය. 

 "මේ දවස්වල ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත රෝගයක් පැතිර යනවා. මේක කොවිඩ් වගේම කැස්ස, හෙම්බිරිසාවෙන් පටන්ගෙන සමහරවිට ඉතා කලාතුරකින් නිව්මෝනියාව දක්වා වැඩිවෙන්න පුළුවන්. කොවිඩ් රෝගයට සාපේක්ෂව සංකූලතා ඇති වෙන්න තියෙන ඉඩ අඩුයි.

නමුත් එන්නේ නෑ කියන්න බෑ. එම නිසාම කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වුණ විදියටම ඒ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා නම් මෙම රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මුව ආවරණ පැලඳීම හා අත් නිතර පිරිසිදු කරගැනීම වැනි ක්‍රමවේද හරහා මේ රෝගය අවම කරගන්න පුළුවන්."

රෝගී තත්ත්වය උත්සන්න වීමක් සිදුවන්නේ නම් පමණක් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකළ යුතු බව වි‍ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

"මේ වගේ එකක දී ප්‍රධානම දේ තමා අන් අයට බෝවීම වළක්වා ගැනීම. මොකද වැඩි දෙනෙකුට කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නෑ. උණුවතුර බීලා සාම්ප්‍රදායක දේවල් පානය කරලා විවේකයෙන් ඉන්නවා නම් අමුතු ඖෂධයක් අවශ්‍ය නෑ. උණ නම් පැරසිටමෝල් භාවිත කරන්න පුළුවන්. උහුලගන්න බැරි නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now