මහ දවල් රාජ්‍ය අමාත්‍යවරයකු නීතිය නොසලකපු හැටි බලන්න ..(VIDEO)

By Piyumika Sep 09, 2024 03:30 AM GMT
Report

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ඇතුළු පාක්ෂිකයින් පිරිසක් ඊයේ  (08) පස්වරුවේ දඹුල්ල නගරයේ අත්පත්‍රිකා බෙදමින් සිටියදී පොලිසිය එය විසුරුවා හැරීමට කටයුතු කරන ලදී .

මේවා තියනවනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණත් ඔයාට ඡන්දය දාන්න පුළුවන් ..

මේවා තියනවනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුණත් ඔයාට ඡන්දය දාන්න පුළුවන් ..

ඒ, එය වැළැක්වීමට උත්සාහ කිරීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වයෙන් පසුවයි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් සහ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පාක්ෂිකයින් පිරිසක් ද සමග දඹුල්ල නගර මධ්‍යයේදී ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක යෙදී සිටි අතර ඔවුන් 100කට අධික පිරිසක් සමඟ දඹුල්ල නගරයේ රනිල් වික‍්‍රමසිංහගේ මැතිවරණ අත්පත්‍රිකා බෙදමින් සිටි බවත්  එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් පොලිසිය එය වැළැක්වීමට පියවර ගනු ලැබීය .

ගෙදර යන ගමන් හිටපු තරුණයෙක්ට 'ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ' වැඩක් වෙලා..

ගෙදර යන ගමන් හිටපු තරුණයෙක්ට 'ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ' වැඩක් වෙලා..

කෙසේවෙතත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ වරදට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිසිය ප්‍රකාශ කිරීමත් සමඟ පිරිස විසිර ගිය වග පැවසේ .