බලන් ඉන්නකෝ - ඉතිහාසයේ නැති විදිහට ජනසම්මතවාදී ව්‍යවස්ථාවක් අපි හදනවා

Report

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සම්බන්ධ මූලික කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත්, එය සමාජයේ සියලුම පාර්ශවයන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් ජනමතයට අනුරූපව සකස් කෙරෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

"පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්" යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට කටයුතු සිදුවන බවත්, එය ක්‍රමවත් අධ්‍යයනයක් මත පදනම්ව සිදු කළ යුතු යැයිද ඇය අවධාරණය කළාය.

බෙල්ල හිර කරලා ඔලුවට ගහලම මරලා - ඔන්න දැන් 4ක් පොලිස් දැලේ

බෙල්ල හිර කරලා ඔලුවට ගහලම මරලා - ඔන්න දැන් 4ක් පොලිස් දැලේ

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ඉදිරිපත් කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙම අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරිය, මේ වනවිට නව නීති 8ක් සම්මත කර ඇති අතර තවත් බොහෝමයක් කෙටුම්පත් කරමින් පවතින බවද පැවසීය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, නව නීතිරීති සකස් කිරීම හා පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම පිළිබඳව ආරම්භ කර ඇති කාර්යය ක්‍රමවත්ව හා ශාස්ත්‍රීයව සිදු කරන බවය.

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

ඉක්මන් විසඳුම් අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවාට වහාම ප්‍රතිචාර දක්වමින් නව නීති පද්ධතියක් ගොඩනඟන බවද ඇය පෙන්වා දුන්නාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතියක් බැවින්, එය වෙනස් කිරීම යුතුකමකින් තොරව හෝ අධ්‍යයනයකින් තොරව සිදුකළ නොහැකි බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ජාතික මට්ටමේ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති අතර, ඒ සඳහා විශේෂඥයින්ගේ මතයන් සෙවීම සහ ගැඹුරු විමසුමක් සිදු කිරීම බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් පැවසීය.