මේක ගේමක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නම දාල පාසල් 3100 වහන්න හදන්නේ - දුමින්ද නාගමුව

Report

ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා පවසන්නේ, අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ව්‍යාප්ත ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වහන ලෝක බැංකු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තැත්කරමින් සිටින බවයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

ඔහු සඳහන් කළේ, වත්මන් ජනාධිපතිවරයා ඉගෙන ගත් තඹුත්තේගම පාසලද වසා දැමීම සඳහා සැලසුම් කර ඇති බවට තම පක්ෂයට තොරතුරු ලැබී ඇති බවයි. නුගේගොඩදී පැවැත්වූ මාධ්‍ය හමුවක දී මේ අදහස් පළ කරමින් ඔහු පැවසීය,

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

“දැනටමත් ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රසන්ටේශන් එකක් පමණි. නිශ්චිත වාර්තාවක් නොමැත. මෙය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටම ආණ්ඩුවක් විසින් සම්පුර්ණ අධ්‍යාපන පද්ධතියක් වෙනස් කිරීමට කල හැකි ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකිය.” ඔහු තවදුරටත් පැවසුවේ, ගතවූ ආණ්ඩු කාලයන්වලදී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීම් අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සූදානම් කර ඇති අතර, මෙය අනාගත ශ්‍රම බලකාය වෙළඳපොළට ගැලපෙන පරිදි සකස් කිරීමේ උත්සාහයක් බවත්ය.

ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක්

ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක්

නව ලිබරල් වෙළඳපොළ සඳහා සුදුසුකම් සහිත ශ්‍රමිකයන් පමණක් නිර්මාණය කිරීමත්, අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් ලෙස පරිවර්තනය කිරීමත් මේ ව්‍යාපෘතියේ අරමුණු බවද ඔහු පැවසීය. අධ්‍යාපන ඇමැති හරිනි අමරසූරිය විසින් “ගෝලීය සංකල්ප” යනුවෙන් හැඳින්වෙන නව ප්‍රතිසංස්කරණ සැලැස්මක් ඉදිරිපත් කර ඇති නමුත්, එය ජනතාවට හෙළි කර නැති බවද ඔහු චෝදනා කළේය.

දැනටමත් පාසල් 3141ක් ළමුන් 100ට අඩු වශයෙන් පවතින බවත්, ඒවා සමහරක් වසා දැමීමට හෝ ඒකාබද්ධ කිරීමට යෝජනා කර ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

අතීතයේදී එවකට අධ්‍යාපන ඇමැති අකිල විරාජ්, ගෝඨාභය රාජපක්ෂ කාලයේ උපාලි සේදර වාර්තාව, කොතලාවල උපාධි පනත සහ පසුකාලීනව රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ආ ධවල පත්‍රිකාව මෙවැනි බවද ඔහු විමර්ශනය කළේය.

අවසානයේ දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේ, “ජනතාවගෙන් සඟවා ඇති මේ ව්‍යාපෘතිය ලියන්නේ ව්‍යාපාරිකයන් සහ ලෝක බැංකුවේ නියෝජිතයින් විසිනි. මේ වැඩපිළිවෙලෙන් පාසල් වසා දැමීම ව්‍යාජ වාද මත ක්‍රියාත්මක කරන උත්සාහයක් පමණි. අලුත් පාසල් විවෘත කරනවා කියන කතාවට මූල්‍ය වෙන්කිරීම් පවා නැත.”