ඉන්දියානු ඩිජිටල් හැඳුනුම්පත ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් - අධ්‍යක්ෂකගේ හෙළිදරව්ව

Ministry of Defense Sri Lanka India Ministry Of Public Security Latest Headlines Sinhala news
By Ashfa Jul 26, 2025 03:20 AM GMT
Ashfa

Ashfa

Report

ඉන්දියාවේ NIGS ආයතනය මගින් කළමනාකරණය වන “ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SL-UDI)” ව්‍යාපෘතිය සඳහා ක්‍රියාත්මක වන ටෙන්ඩර් ක්‍රියාවලිය ජාතික ආරක්ෂාවට හා ස්වෛරීභාවයට දැඩි තර්ජනයක් බව e-NIC ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ P.T.G. පෙරේරා මහතා පෙන්වා දී ඇත.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් හරහා, ඊයේ (25) දිනයේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්වරයා වෙත එවූ ලිපියකින් ඔහු මෙම වගකීම් පිළිබඳව අවධානය යොමු කරමින්, Master System Integrator (MSI) තේරීම සඳහා පවතින ටෙන්ඩරය සම්බන්ධයෙන් වැදගත් ගැටළු 22ක් නිකුත් කර ඇත.

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

මෙම ගැටළු අතරින් වැදගත් කරුණු කිහිපයක් පහත පරිදිය:

ආරක්‍ෂාව සහ නීතිමය වාදය: ව්‍යාපෘතිය සම්බන්ධ ගැටළු නවදිල්ලියේ UNCITRAL නීතිය යටතේ විසඳා ගැනීම නිසා ශ්‍රී ලංකාවේ අධිකරණ බලතල අඩුකළ බව පෙන්වා ඇත.

පාස්කු වරදකරුවන්ට කලින් ජූඩ් පියතුමාට දඩුවම් ලැබෙයිද? සුමන ධම්මහිමිගෙන් ලිපියක්

පාස්කු වරදකරුවන්ට කලින් ජූඩ් පියතුමාට දඩුවම් ලැබෙයිද? සුමන ධම්මහිමිගෙන් ලිපියක්

විදේශ සමාගම් පමණක් සුදුසුකම් ලැබීම: ලංකා සමාගම්ට සහභාගී විය නොහැකි පරිදි ටෙන්ඩරය සකස් කර ඇති අතර, ඉන්දියාවේ සමාගමකට පමණක් පද්ධතියේ පූර්ණ පාලනය ලැබෙනු ඇත.

ජාතික දත්තවල පාලනය පිටරටකට: ජනතාවගේ ජෛවමිතික තොරතුරු, පෞද්ගලික දත්ත සහ තාක්ෂණ යටිතලයන් විදේශ සමාගමකට පාලනය සඳහා පවරා ඇති බවත්, මෙය ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවත් ඔහු අවධාරණය කරයි.

දත්ත ආරක්ෂාව හා සයිබර් තර්ජන: සයිබර් පහරදීම් හා වගකීම් පැහැරහැරීම්වලදී ශ්‍රී ලංකා රජය මතු වන අවාසියන්ට මුහුණදිය යුතු වන බව දක්වා ඇත.

දේශීය ආයතනවල භූමිකාව අවහිර වීම: DRP ඇතුළු රජයේ ආයතන මෙම පද්ධතියේ ක්‍රියාකාරිත්වයට සෘජුව සම්බන්ධ විය නොහැකි බවත් ලිපියෙන් පෙන්වා ඇත.

රාජ්‍යතාන්ත්‍රික හා තාක්ෂණික අවදානම්: මෙවැනි ගිවිසුමක් මඟින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා විදේශ සබඳතා පිළිබඳ දැඩි අවදානමක් උද්ගත වන බවද අවධාරණය කර ඇත.

අවසන් වශයෙන්, e-NIC ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විසින් ඉල්ලා සිටින්නේ මෙවැනි තර්ජනකාරී ගැටළු වහාම සලකා බැලී ජාතික ආරක්ෂාවට හානියක් නොවන ආකාරයෙන් නිවැරදි පියවර ගන්නා ලෙසය. 

ReeCha