පිඹුරෙකු අල්ලා ගැනීමට කළ මෙහෙයුම වීඩියෝ සහිතයි (VIDEO)

By Sithumi Dec 30, 2021 04:08 PM GMT
Sithumi

Sithumi

Report

කන්තලේ ප්‍රදේශයේ සැරිසරමින් සිටි විශාල පිඹුරෙකු අල්ලාගෙන කන්තලේ වනජීවී කාර්යාලයට භාරදීමට ප්‍රදේශවාසීන් ඊයේ (29) රාත්‍රියේ කටයුතු කර තිබුණි. 

පිඹුරා අල්ලා ගැනීමට ප්‍රදේශවාසීන්ට මැදිහත්වීමට සිදුවූයේ එම අවස්ථාවේ පිඹුරා අල්ලාගැනීම සඳහා කිසිවෙකු කාර්යාල පරිශ්‍රයේ නොමැති බවට කන්තලේ වනජීවී කාර්යාලයෙන් දැනුම් දුන් පසුවය. 

 කෙසේවෙතත් පිඹුරා අල්ලාගෙන වනජීවී කාර්යාලය වෙත ගිය ප්‍රදේශවාසීන්ට දැකගත හැකිවුණේ වනජීවී නිලධාරීන් කාර්යාලය තුළ රැඳීසිටින ආකාරයයි. 

 මෙවැනි සතුන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොමැති ජනතාවට සිය ආරක්ෂාව වෙනුවෙන් එම අවදානම ගැනීමට සිදුවී තිබුණි.