සුරූපී තරුණිය එක්ක විවාහවීමට පෙර වික්ටර් අවුරුදු 08ක් හොරාට කරපු දේ හෙළිවෙයි.(PHOTOS)

Sri Lanka Gossip Today
By Aruna Jun 24, 2022 06:55 AM GMT
Aruna

Aruna

Report

දේපල වලට මගේ කිසිම ආසාවක් නැහැ, වික්ටර්ට මම ඇත්තටම ආදරෙයි ලාංකේය සංගීත කලාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කල සංගීත වේදියෙක් තමයි වික්ටර් රත්නායක කියන්නේ.

ලංකාවේ කලාකරුවන් ගැන වැඩියෙන්ම කතාකරන්නේ ඔවුන්ගේ පෞද්ගලික ජිවිතේ ගන්නේ.

ඒ නිසාම වික්ටර්ගේ පෞද්ගලික ජිවිතේ වෙනස්ම අතකට පෙරලෙන්නේ මීට වසර කිහිපයකට පෙරදීයි.

තනිකමින් ගතකල කාලය අවසන් කොට සුරූපී තරුණියක් එක්ක විවහා වෙනවා.

ඉන් පස්සේ සමාජයේ මිනිසුන් විවිද කතා කිව්වත් ඒ කිසිම දෙයකට උත්තර දෙන්න ගියේ නැහැ.

තමන්ගේ ජීවිතය තමන්ට කැමති විදියට ගතකරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තියනවා.

තවත් කෙනෙක්ට කරදරයක් නැත්නම් අනිත් අය කොහොම ජිවත් වුනත් ප්‍රශ්නයක් නැහැ නේද.

ඉතින් තැන ආදරණිය සැමියා ගැන හසිනි අදහස් පලකලේ මෙහෙමයි.

මමත් වික්ටරුත් හමුවුණු දවසේ ඉඳලා ගොඩක් සතුටින් ජිවත් වෙනවා.

මම වැඩකරද්දී එයා උදව් වෙන්න හදනවා ඒත් මන් එයාට මහන්සි වෙන්න දෙන්නේ නැහැ.

අපේ ගෙදර සුරතලේට මාළු හදනවා වික්ටර් උදේම නැගිටලා මාළුන්ට කෑම දාලා ව්‍යායාමයට ඇවිදිනවා.

එයාව පුලුවත් තරම් විවේකයෙන් සහ සතුටින් තියන්නයි මට ඕන. වික්ටර් කියන්නේ පිරිසිදු කම සහ පිළිවෙල හොඳින්ම දන්නා කෙනෙක්.

මමත් පිළිවෙල හොඳින්ම ඉගනගත්තේ එයාගෙන්. ඒ කියන්නේ ගෙදර පාපිස්න පවා ටයිල් එකේ ඉරට කෙලින් තියන්න ඕන.

වික්ටර් එක්ක විවාහ වෙන තීන්දුවෙන් පස්සෙ රටේ මිනිස්සු මම නොකරපු දේවල් පවා කිව්වා. අවුරුදු අටක පමණ ඇසුරකින් පස්සෙයි අපි දෙන්නා විවහා වුනේ.

එතකල් කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ අපි දෙන්නා අතර සම්බන්ධයක් තියනවා කියලා. වික්ටර් බුද්ධිමත් කෙනෙක් නිසා එයා එක්ක සුහදව කතාකරලා ඕන දෙයක් විසදගන්න පුලුවන්.

වික්ටර් ටීවී එකේ සින්දු කියන කාලේ මම පුංචි කෙල්ලෙක්. 2004 අවුරුදෙද්දී තමයි මුලින්ම අපි දෙන්නා කතාබහ කරලා හඳුනාගත්තේ.

නොගලපින් සහ වයස් පරතරයේ ප්‍රශ්නය නිසා මගේ ගෙදරින් කැමති වුනේ නැහැ. ඒක සංසාරගත ප්‍රේමයක් නිසයි හැමදේම දරාගෙන අපි ඉන්න ඇත්තේ.

මිනිස්සු කිව්වා මම වික්ටර්ගේ දේපල ගන්නයි විවාහ වුනේ කියලා. දේපල වලට ආසාවක් තියනවානම් ඕනතරම් සල්ලි තියන මිනිස්සු ලංකාවේ ඉන්නවානේ.

මට එහෙම දේවල් ඕන නැහැ ඇත්තටම වික්ටර් ගැන ආදරයක් තියන නිසයි ඔහු එක්ක විවහා වුනේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery