තත්වය එන්න එන්නම දරුණු වෙයි?..අප්‍රිකානු සූකර උණ ගැන යලිත් අනතුරු ඇඟවීමක්...
අප්‍රිකානු සූකර උණ වැළඳුණු සත්තවයින් අක්‍රමවත් බැහැර කිරීම හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යා හැකි බවට පශු වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවනවා.
නිසි අවසර පත්‍රයක් නොමැතිව ඌරන්, ඌරු මස් විකිණීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම තහනම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්ද නිකුත් කර ඇත්තේ එවන් පසුබිමකයි.කෙසේ වෙතත්, මියගිය ඌරන් විශාල පිරිසකගේ සිරුරු මීගමුව කලපුව ආශ්‍රිතව සහ ඒ ආසන්නයේ ගසාගෙන යන අයුරුද දක්නට ලැබුණා.
අප්‍රිකානු සූකර උණ රෝගය හේතුවෙන් මේ වන විට ඌරු සත්ත්ව ගොවිපල පවත්වාගෙන යෑම අර්බුදකාරි තත්ත්වයකට පත්ව තිබෙනවා.සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය දිවයින පුරා ඇති ඌරු සත්ත්ව ගොවිපල බහුතරයක් ආශ්‍රිතව දක්නට ලැබෙන බවයි.
එම තත්ත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානම හේතුවෙන්, අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය අදාළ ප්‍රදේශය භාර පශු වෛද්‍ය නිලධාරියාගේ අවසරයක් නොමැතිව එම ප්‍රදේශය තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම තනම් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය 04 වැනිදා සිට මාස තුනක කාලයක් බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව ආසාදිත සතුන් මස් පිණිස ඝාතනය කිරීම, රෝග අවදානමට ලක්ව ඇති සතුන් කෘත්‍රිම අභිජනන ක්‍රම සඳහා භාවිත කිරීම, අවදානම් සතුන් යොදාගනිමින් සජීවී සත්ත්ව වෙළෙඳපොල පැවත්වාගෙන යෑම තහනම් වනවා.
එමෙන්ම, බලයලත් නිලධාරියෙකුගේ අවසර පත්‍රයක් නොමැතිව ඌරන්,ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරක ද්‍රව්‍ය විකිණීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීමද එම ගැසට් නිවේදනයෙන් තහනම් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ බලයලත් නිලධාරියෙකු විසින් අනුමත කරන ලද ක්‍රමවේදයන්ට බැහැරව, මියගිය සත්ත්වයින් හෝ එම සත්ත්ව කොටස් ජලය සම්බන්ධ ස්ථානයකට දැමීම, වෙනත් සතුන්ට වෙනත් ස්ථාන වෙත රැගෙන යා හැකි අයුරින් බැහැර කිරීම තහනම් වන බවයි.
කෙසේ වෙතත්, මියගිය ඌරන් විශාල පිරිසකගේ සිරුරු මීගමුව කලපුය ආශ්‍රිතව සහ ඒ ආසන්නයේ ගසාගෙන යන අයුරුද දක්නට ලැබුණාප්‍රදේශවාසීන් සැකකරන්නේ කිසියම් පුද්ගලයෙක් මෙම ඌරන් කලපුවට හෝ හැමිල්ටන් ඇල මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවටයි.
පශු වෛද්‍ය නිලධාරීන් පවසන්නේ මෙවැනි අක්‍රමවත් බැහැර කිරීම් හේතුවෙන් මෙම රෝගය තවදුරටත් ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යා හැකි බවයි.මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මේ වන විට සත්ත්ව ගොවිල විශාල ප්‍රමාණයකටද දැඩි ලෙස බලපෑම් එල්ලවී තිබෙනවා.
එම වෘත්තීයේ නියැලෙන්නන් පැවසුවේ මේ විට රෝගය වැළඳුණු සත්ත්වයින් දහස් ගණනක් මියගොස් ඇති බවයි.