මේ මස 21 වනදා දක්වා පමණයි හැකි ඉක්මනින් භාර දෙන්න ..

Sri Lanka Ministry of Defense Sri Lanka Latest Headlines
By Piyumika Nov 07, 2024 05:09 PM GMT
Piyumika

Piyumika

Report

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනිඅවි සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම ගිනිඅවි සහ පතොරම් රජයට භාරදීමට තිබූ කාලය දීර්ඝ කර ඇති බවයි. ඒ අනුව අදාළ ගිනිඅවි සහ පතොරම් නොවැම්බර් මස 21 වැනි දින දක්වා යළි රජය වෙත භාරදීම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ වනු ඇති.

දිවයිනේ නගර බොහෝමයක අහිතකර තත්වයක්..ස්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ..

දිවයිනේ නගර බොහෝමයක අහිතකර තත්වයක්..ස්වසන අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න ..

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා 2024.10.06 දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට අනුව සිවිල් පුද්ගලයින් හට මෙම අමාත්‍යාංශය මගින් ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදුන් බලපත්‍ර සහිත ගිනි අවි 2024.11.07 දිනට පෙර වැලිසර පිහිටි නාවික හමුදාවේ රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙසටයි දැනුම්දී තිබුණේ.

නමුත්, දැනට විදෙස්ගතව සිටින බලපත්‍රලාභීන් වැනි විවිධ පාර්ශ්වයන් මෙම අමාත්‍යාංශය වෙතින් සිදු කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් හා බලපත්‍රලාභීන් හට ගිනිඅවි සහ පතරොම් භාරදීම සම්බන්ධව ලිපි මගින් දැනුම්දීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් එකී කාලසීමාව උක්ත පරිදි දීර්ඝ කිරීමට තීරණය කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඔයත් WhatsApp භාවිත කරන කෙනෙක්ද එහෙනම් මේ අනතුරු ඇගවීම ඔයාටයි..

ඔයත් WhatsApp භාවිත කරන කෙනෙක්ද එහෙනම් මේ අනතුරු ඇගවීම ඔයාටයි..

එම දීර්ඝ කිරීම නොවැම්බර් මස 21 වැනි දා දක්වා සිදු කළ බවත්; ඒ පිළිබඳව සියලුම බලපත්‍රලාභින්ට ලිඛිතව දැනුම්දීමට ක්‍රියා කරන ලද බවත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දෙනවා.

ReeCha