මේ වගේ දන්සැල්වලින් කෑවනම් බඩුම තමයි
අපවිත්‍ර දෑත්වලින් දන්සලක ආහාර සකස් කළ බව කියන වෘත්තීය අරක්කැමියන් සිවු දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.
මෙසේ නඩු පවරා ඇත්තේ එම කණ්ඩායමේ ප්‍රධාන අරක්කැමියා ලෙස කටයුතු කළ හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකුට, ඔහුගේ සහායකයින් ලෙස කටයුතු කළ හාලිඇල අන්තුඩුවාවෙල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට සහ අවුරුදු 42 ක් හා 50 ක්වූ පුද්ගලයින් දෙදෙනෙකුටය.
වෙසක් පෝය නිමිත්තෙන් හාලිඇල නගරයේ පැවැති දන්සලක කුලී පදනම මත ආහාර පිසීමට භාරගත් සැකකරුවන් ආහාර පිසිමින් සිටින අතරතුර හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.ටී.පී. විජේසෝම හා නෙළුව මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් විතාන යන මහත්වරුන් විසින් දන්සල පරීක්ෂා කොට ඇත.
එහිදී මහජන සෞඛ්‍යයට හා සනීපාරක්ෂාවට අහිතකර ලෙස දෑත්වල නියපොතු වවා ආහාර සැකසීම, අතේ ඇඟිලිවල මුදු පැළඳ ආහාර පිසීම, ආහාරවල ස්පර්ශ වන පරිදි අත්වල විවිධ නූල් පැළඳ සිටීම හා අපවිත්‍ර නිය සහිත දෑත්වලින් ආහාර සැකසීම යන කරුණු මත සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අදාළ නිලධාරීන් කටයුතු කර තිබේ.
