මෙවර කොළඹ ජයටම සැමරෙන වෙසක්. බත් ඇතුළු දන්සැලුත් 125ක්.

Vesak Full Moon Poya Sri Lanka
By Wayomi May 04, 2023 11:38 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර වෙසක් දිනය වෙනුවෙන් කොළඹ නගරයේ වෙසක් කලාප රැසක් වෙන්ව තිබෙනවා.

ඒ, අනුව වෙසක් කලාප 6ක් සහ මේ වනවිට ලියාපදිංචී කර ඇති දන්සල් සංඛයාව 125ක්.

කොලඹ මහ නගර සභාව, බුද්ධ ශාසන අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය සහ සියලුම අමාත්‍යාංශ මෙන්ම ආයතන එක්ව විශේෂ වෙසක් පූජොත්සව වැඩසටහනක් කොළඹ නගරය පුරා ක්‍රියාත්මක කිරීමට මේ වන විට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත් බුද්ධි රශ්මි වෙසක් කලාපය, වාළුකාරාමය වෙසක් කළාපය, බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය, පුරහල ආශ්‍රිත වෙසක් කලාපය, වරාය අධිකාරිය ආශ්‍රිත වෙසක් කලාපය සහ නිදහස් චතුරස්‍රය අවට වෙසක් කලාප ආදි වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව වෙසක් කලාප 6ක් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළේ, ගාලු මුවදොර පරිශ්‍රයේ විශාල දන්සලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඊයේ (03) වන විට දන්සල් 125ක් ලියාපදිංචී වී ඇති බවත් මේ අතරින් බත්, දුන්තෙල් බත්, ෆ්‍රයිඩ් රයිස්, කහ බත් දන්සල්ම 49ක් ලියාපදිංචි වී ඇති බවයි.

මේ අතර වෙසක් කලාප ආශ්‍රිතව නරඹන්නන්හට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මෙන්ම පානිය ජලය ලබා දීම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලය හා එක්ව වතුර ටැංකි සැපයීමට පියවර ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW