වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවතට..වාහන මිලත් පහළ බසී..!!

Businessman Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Apr 28, 2024 04:37 AM GMT
Aruna

Aruna

Report

දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව, 2025 වසර මුලදී මෙම වාහන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් වන්නේ ඒ පිළිබඳව නිර්දේශ ලබාදීමට පත් කර ඇති කමිටුවේ උපදෙස් මත බවයි පැවසෙන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද නිර්දේශ සඳහන් කර තිබුණේ වාහන ආනයන සීමාවන් ක‍්‍රමානුකූලව ඉවත් කළ යුතු බවත්, ඒ හරහා රජයේ බදු ආදායම් ඉලක්ක සැලකිය යුතු මට්ටමෙන් ඉහළ යනු ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සදහා මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අවසන් අනුමැතිය ලැබිය යුතුව තිබේ.

මේ අතර, රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම්, භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළා.

මේ අනුව, අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන ලෙසයි, එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා ඉල්ලා සිටින්නේ.

භාවිත කළ වාහන ආනයනය කළහොත් අලු‍ත් වාහනවලට වඩා අඩු මිලකට ලබා දිය හැකි බවයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැවසුවේ, ඒ තුළින් රජයට හිමිවන බදු ආදායමේ වෙනසක්ද සිදු නොවන බවයි.