ලංකාවට යළි වාහන ආනයනය සම්බන්ධව ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

Ranjith Siyambalapitiya Electric Vehicle Department of Motor Vehicles
By Aruna Nov 09, 2023 04:47 AM GMT
Aruna

Aruna

Report

පොදු ප්‍රවාහනය සඳහා වාහන ආනයනය කිරීමට ලබාදුන් අනුමැතිය අවසන් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරනවා.

ඒ එම වාහන ආනයනයට ලබාදුන් මාසයක කාලය අවසන් වීම හේතුවෙන් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

අවසර ලබාදී තිබු මාසය තුළ ආනයනය කරන ලද වාහන නිදහස් කරගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යංශය කියා සිටියි.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කිසිදු වාහනයක් ආනයනය අත්හිටුවා තිබේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාහන ආනයන සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බව ද වාර්තා වේ.

වාහන වල අවශ්‍යතාවය, මාර්ගවල ඉඩ පහසුකම්, ඉන්ධන සඳහා යන වියදම හා වාහන ආනයනයට යන විදේශ විනිමය යන කරුණු පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිතයි.

ReeCha