මෙතෙක් කවුරුත්ම නොකෙරූ දෙයක්..පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වාහන ගැන ඇහෙන අලුත්ම ආරංචිය...
Parliament of Sri Lanka
Government Of Sri Lanka
Latest Headlines
By Sewvandhi
ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා අලුත් රජය විසින් සිදු කරන්නට යන විශේෂ ක්‍රියාමාර්ගයක් පිළිබඳව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් දැන ගන්නට ලැබෙනවා.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දීමට කටයුතු කරන බවයි.
ධුර කාලය අවසන් වන තෙක් එම රථය යොදා ගනිමින් මහජන සේවය සිදු කළ හැකි බවයි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ.
අධි සුඛෝපභෝගී වාහන මන්ත්‍රීවරුන්ට ලබාදීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියා.
ජනතාවගේ බදු මුදල් නාස්තිය අවම කිරීම සඳහා එම පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා