වාහනයක් තියෙන ඔයාට නොමිලේම ලැබෙන විශේෂ වාසියක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි..

Report

අද (19) දින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් ආරම්භ කෙරිණ.

වාහනයක් තියෙන ඔයාට නොමිලේම ලැබෙන විශේෂ වාසියක් මෙන්න - වැඩේ වෙන්නෙ මෙහෙමයි.. | Vehicle Tune Up

ඒ පොසොන් පොහොය නිමිත්තෙන් ය.

ඒ අනුව අද සහ හෙට (20) දිනයන් හි දී නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මෙය පැවැත් වේ.

මෙහිදී යතුරුපැදි, ත්‍රීරෝද රථ නොමිලේ සුසර කරදීම සිදු කෙරෙයි.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා එක්වෙමින් කියා සිටියේ මෙවැන්නකී,

"ශ්‍රී ලංකාවේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය අනුව ක්‍රමානුකූලව තම රථය සුසර කර ගැනීමට ඔවුන් උනන්දුවන්නේ නැහැ. එමගින් නිකුත් වන විෂ දුම පරිසරයට ඉතා හානි කරයි. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මෝටර් රථ අලුත්වැඩියා කරන්නන් යොදාගෙන මෙම වැඩසටහන සිදු කරනවා." යනුවෙන් ය.