වාහන ආනයනයේ ආන්දෝලනාත්මක ඇත්ත නැත්ත මෙන්න.

Sri Lanka Vehicle
By Aruna Oct 17, 2021 05:18 AM GMT
Aruna

Aruna

Report

වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට විකල්ප ක්‍රමවේද ඉදිරිපත් කළ ද ඒ සඳහා ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදක්වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පවසනවා.

පුවත්පත් වෙබ් අඩවියක් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අත්තනෝමතිකව ගනු ලබන තීරණ හේතුවෙන් මෙරට අනෙකුත් ක්ෂේත්‍ර තුළද අනිසි ප්‍රතිඵල දැකගත හැකි බවයි.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේ වාහන ආනයනය කිරීම නැවතීමත් සමඟ ඇතිව තිබෙන ගැටලුවට රජය නිසි විසදුමක් ලබා දී නොමැති බවයි.

කෙසේ වෙතත් වාහන ආනයනය කරන කාල වකවානුවක් පිළිබඳවද පෙන තෙක් මානයකවත් නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ වාහන ආනයනය කර ඇති බවට පලවන වාර්තාවන් අසත්‍ය බවයි ඔහු වැඩිදුරටත් එම වෙබ් අඩවියට පවසා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now