වාහන අංක තහඩු නැවත මුද්‍රණය කරන දිනය ගැන නි. ඇමති ප්‍රසන්නගෙන් හෙළිදරව්වක්
වාහන අංක තහඩු මුද්‍රණය කිරීම 2026 ජුනි 10 වන දින ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අද ප්‍රකාශ කර තිබේ.
නව සමාගමකට නව ටෙන්ඩරයක් ඉදිරිපත් කළ බවත් අංක තහඩු මුද්‍රණය නැවත ආරම්භ කිරීම සඳහා එම සමාගම සමඟ ගිවිසුම අත්සන් කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට සදහන් කර ඇත.
2026 මාර්තු 10 වන දින ගිවිසුම අත්සන් කරන ලද බවත් ගිවිසුමට අනුව මාස තුනක් ඇතුළත අංක තහඩු මුද්‍රණය ආරම්භ කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ගිවිසුමට අනුව, 2026 ජුනි 10 වන දින වන විට සමාගමට අංක තහඩු මුද්‍රණය නැවත ආරම්භ කළ හැකි බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තව දුරටත් ප්‍රකාශ කර තිබේ