වාහන නැවි ගණන් ආනයනය කරන්න යයි..වාහන මිලත් සීග්‍රයෙන් පහළ බසී!!

Electric Vehicle Businessman Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna May 08, 2024 12:35 AM GMT
Aruna

Aruna

Report

වාහන ආනයන සීමාවන් රජය විසින් ක්‍රමානුකූලව ඉවත් කිරීමට තීරණය කිරීමත් සමග මෙරට වාහන ආනයනකරුවන් විසින් විශාල වශයෙන් වාහන ආනයනය කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වනවා.

ඔවුන් ඒ සඳහා දැනටමත් වෙළඳපොළ ඉල්ලුම, මෙරට ණයවර ලිපිවල පිලිගැනීම ඇතුළු සෙසු තත්ත්වයන් පිළිබඳ ව සමීපව අධ්‍යනය කරමින් සිටින බවයි පැවසෙන්නේ.

බොහෝ දුරට ලබන ජනවාරි මාසයේ සිට වාහන ගෙන්වීමට අවස්ථාව හිමිවනු ඇති බවට වාහන වෙළඳ ආනයනකරුවන් අතර විශ්වාසයක් ඇති වී තිබීම ද විශේෂත්වයක්.

මෑතකදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද කියා සිටියේ ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා කමිටු නිර්දේශ ලැබී ඇති බවයි.

මෙලෙස වාහන විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කළහොත් ඉදිරියේදී වාහන මිල ගණන් සීග්‍රයෙන් පහළ යනු ඇති බවයි බොහෝදෙනෙක් පවසන්නේ.

කෙසේවෙතත් මේ වන විට වාහන මිල ගණන් ඉතාමත් ඉහළ අගයක පවතී.