වාහන මිල ගණන් අඩු කිරීමට විශේෂ ඉල්ලීමක්..ආනයනකරුවන් කළ ඉල්ලීම මෙන්න..
රජය විසින් රථ වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම්, භාවිත කරන ලද වාහන ආනයනය කිරීමටද වැඩි ඉඩක් ලබා දිය යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මේ අනුව, අවසන් වරට වාහන ආනයනයේ දී පාවිච්චි කරන ලද වාහන සඳහා ලබා දුන් වසර 3 වසර 7ක් දක්වා හෝ ඉහළ දමන ලෙසය, එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා ඉල්ලා සිටිනවා.
භාවිත කළ වාහන ආනයනය කළහොත් අලුත් වාහනවලට වඩා අඩු මිලකට ලබා දිය හැකි බවයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටින්නේ.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැවසුවේ, ඒ තුළින් රජයට හිමිවන බදු ආදායමේ වෙනසක්ද සිදු නොවන බවයි.