මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට කරන්න යන දේ..වාහන මිල පහත යන ලකුණු..?

vehicle export market value rating
By Sewvandhi Oct 30, 2021 03:13 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දිනෙන් දින ඉහල යන භාණ්ඩ මිල අතර වාහන අමතර කොටස් ද ඉන් ප්‍රධාන එකක් වේ. පාලනය කළ නොහැකි හේතු සාධක මත මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවද පවතින තත්වය හමුවේ අසාධාරණ ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ මෙරට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක ට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇත.

මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට එරෙහිව වාහන අමතර කොටස් වල මිල සඳහන් නොකිරීම, සඳහන් මිල වෙනස් කිරීම, මිල සඳහන් නොකර පැරණි තොග ද වර්තමාන මිල ගණන් වලට අලෙවි කිරීම සම්බන්ධව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මේ අනුව වාහන අමතර කොටස් වල මිල ලකුණු නොකිරීම සහ ඒ හරහා සිදුකරන අක්‍රමිකතා පිළිබඳව දිස්ත්‍රික්කය පුරා පිහිටි වෙළඳසැල් සහ ආයතන සම්බන්ධව පුත්තලම පාරිභෝගික අධිකාරිය මගින් තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

මේ අතර , තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන 400කට ආසන ප්‍රමාණයක් රාජසන්තක කරනවාද නැද්ද? යන්න පිළිබඳ කරණු විමසා ශ්‍රී ලංකා රේගුව මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ රජය මගින් ආනයන තහනම පැනවීමෙන් පසු මෙම වාහන ඇණවුම් කර ඇති නිසා එය දැනට ක්‍රියාත්මක නීතියට පටහැනි බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී තිබේ. ඒ අනුව වරාය භුමියේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්නද සිල්වා මහතා සඳහන් කරයි.

කොළඹ වරායයේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ ඒවා වෙයි. මීට පෙර දී රජය සඳහන් කළේ තහනමට පටහැනිව ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි.මෙම වාහන වරාය භුමියේ විනාශ වෙමින් පවතින නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බවද රේගුව පවසයි. මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේ වාහන සම්බන්ධ අවසන් තීරණය මුදල් අමාත්‍යංශය විසින් ගත යුතුව ඇති බවයි.

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.