එළවළු මිලෙහි විශාල වෙනසක්..

Nuwara Eliya
By Sithumi Dec 30, 2022 05:15 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය මාස කිහිපය තුල එලවළු මිල ඉහල යාමත් , රටේ පවතින ආර්ථික අර්බුධය හේතුවෙන් පාරිභෝගිකයන් එලවළු සිමා කර මිල දි ගැනිම හේතුවෙන් ඇතැම් එලවළු වර්ග වල තොග මිල පහල බැස ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ  සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසනවා.  

මේ දින වල බෝංචි සහ මාළු මිරිස් මිල පමණක් ඉහලගොස් ඇති බවත්, අනෙකුත් සෑම එලවළු කිලෝවකම මිල පහල බැස ඇති බවයි පසුගියදා නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍යට අදහස් දක්වමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ. එලවළු ගොවියා නගා සිටිවිමට රජය  යම් වැඩපිලිවෙලක් දියත් නොකලහොත් ලබන කන්නයේ එලවළු මිල මිට වඩා ඉහල යා හැකි බව අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

  මෙරටට බිජ අර්තාපල් ආනයනය කරන පෞද්ගලික සමාගම් තුනක් බිජ අර්තාපල් සිමා කර ආනයනය කිරිම හේතුවෙන් නුවරඑලිය ප්‍රදේශයේ අර්තාපල් වගා කරන ගොවින්ට බිජ අර්තාපල් නොලැබිම හමුවේ ලබන වසරේ දේශිය අර්තාපල් මිල සැලකිය යුතු ලෙස ඉහල යා හැකි බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියා.  

මේ අතර එලවළු තොග මිල අඩු වුවද වෙලදපොලේ බෝංචි රු 600 , තක්කාලි රු 280 , ගෝවා රු 240 , වම්බටු රු 360 , වට්ටක්කා රු 240 , වැටකොළු රු 360 , පතෝල රු 400 , බණ්ඩක්කා රු 240 , ලික්ස් රු 440 , කැරට් රු 400 , දේශිය අර්තාපල් රු 500 කරවිල රු 550 වැනි සිල්ලර මිලකට අලෙවි කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now