එළවළු මිලට එකවරම සිදුවූ දේ..නව මිල ගණන් මෙන්න..

Sri Lanka Businessman
By Aruna Sep 19, 2022 05:21 AM GMT
Aruna

Aruna

Report

දේශීය ලොකු ලූනු සහ එළවළු තොග මිල ඊයේ ( 18දා) පහළ ගිය බව දඹුල්ල තොග එළවළු වෙළෙන්දෝ පවසයි.

ඊයේ එළවළු කිලෝ දශ ලක්ෂයක් දේශීය ලොකු ලූනු කිලෝ ලක්ෂ පහක් පමණ ලැබුණු බවද ඔවුහු පැවැසූහ.

එළවළු තොග සැපයුම ඉහළ යාමත් සමග තොග මිල පහළ ගිය බවත් බෝංචි සහ මාළු මිරිස් හැර උඩරට, පහතරට, යාපනය, වයඹ පලාත්වලින් ලැබුණ එළවළු තොග පහළ ගිය බවත් දඹුල්ල විශේෂිත ආර්ථික වෙළද මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පැවැසීය.

බෝංචි කිලෝවක් රුපියල් 400ත් 450ත් මාළු මිරිස් කිලෝවක් රුපියල් 600ත් 650ත් අතර මිලකට අලෙවිවූ බවත් රුපියල් 80ත් 90ත් අතර තොග මිලක් තිබූ කැකිරි සහ පිපිඤ්ඤා කිලෝවක් ඊයේ රුපියල් 35ත් 40ක් දක්වා පහළ ගිය බවත් ඔහු පැවැසීය.

අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 450 සිට රුපියල් 200ක් දක්වා පහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now