එළවළු රැසක මිල අඩු වෙයි..
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
උඩරට එළවළු වර්ග රැසක වෙළෙඳපොළ තොග මිල ගණන් තවදුරටත් පහත ගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (03), ආර්ථික මධ්‍යස්ථාන රැසක කැරට් කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 160 කට අඩු අගයක වේ.
බෝංචි කිලෝවක තොග මිල පෑලියගොඩ මැනිං වෙළඳපළේ සටහන් වූයේ රුපියල් 300 ත් 350 ත් අතර අගයක වන අතර ලීක්ස් කිලෝවක මිල ද බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල රුපියල් 200 ට වඩා අඩුවෙන් පැවතියේ ය.
මේ අතර, පහතරට එළවළු මිල ගණන් ද සාමාන්‍ය අගයක පැවති අතර කරවිල, මාළු මිරිස් සහ අමු මිරිස් මිල ගණන් පමණක් තරමක ඉහළ අගයක් ගනු ලැබී ය.
ආනයනික අර්තාපල් තවදුරටත් රුපියල් 170 කට අඩුවෙන් අලෙවි වූ අතර නුවරඑළිය අර්තාපල් රුපියල් 250 ත් 300 ත් අතර මිලකට අලෙවි විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |