මේ ජරමර අස්සේ, එළවළු මිලට වුණ දෙයක්.. කාලත් හමාර ද?. ඇහුණ අලුත්ම මිල මෙන්න..
මේ දිනවල එළවළු මිල තරමක ඉහළ අගයක ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ පසුගිය දිනවලට සාපේක්ෂවයි.
එළවළු ව්‍යාපාරිකයින් සඳහන් කළේ මිල දී ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබීම නිසා වෙළෙදුන්ගේ ආදායම පහත වැටී ඇති බව ය.
කෙසේ වෙතත්, මේ දිනවල පෑලියගොඩ මැනිං මාකට් එකේ එළවළු මිල ගණන් සටහන් වූයේ පහත ආකාරයෙන් ය.
බී ලුනු 1Kg - රුපියල් 280.00
කැරට් 1Kg - රුපියල් 250. 00
කරවිල 1Kg - රුපියල් 300.00
බෝංචි 1Kg - රුපියල් 250. 00
ගෝවා 1Kg - රුපියල් 150.00
තක්කාලි 1Kg - රුපියල් 150.00
වැටකොලු 1Kg - රුපියල් 200.00
ලූනු කොළ 1Kg - රුපියල් 200.00
මෑකරල් 1Kg - රුපියල් 150.00