අවුරුදු කාල ඉවරයි.. එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළට
By Shehan
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීම හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවලු තොග හා සිල්ලර වෙළෙන්දෝ පවසති.
ඒ අනුව, බෝංචි කිලෝවක මිල රු.600-700, බටු කිලෝවක් රු.600, කැරට් කිලෝවක් රු.400, නුවරඑළිය අල කිලෝවක් රු.600, තක්කාලි කිලෝවක් රු.800, සහ අනෙකුත් එළවලු රු.400-500 අතර සිල්ලර මිලකට අලෙවි වන බව ඔවුහු සඳහන් කළහ.
එසේම, පොල් එකක මිල රු.180-220 අතර සිල්ලර මිලකට අලෙවි වන අතර, ඇඹුල් හා සීනි කෙසෙල් කිලෝවක් රු.160කට විකිණේ. පසුගිය දිනවල පැවති අධික වර්ෂාව ද එළවලු මිල ඉහළ යාමට බලපෑම් කළ බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
