ආසාවෙන් පලතුරු කාලත් හමාර වෙයි ද?..

Ministry of Agriculture Vegetables Vegetables Price Latest Headlines
By krishani Jun 19, 2024 04:37 PM GMT
krishani

krishani

Report

එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩු වී තිබෙනවා.

ආසාවෙන් පලතුරු කාලත් හමාර වෙයි ද?.. | Vegetable And Fruit Harvest

ඒ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පසු අස්වනු තාක්ෂණික ආයතනය පැවසුවේ මෙරට වගා කරන පළතුරු හා එළවළුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රම භාවිතා නොකිරීම හේතුවෙන් එම වගා පසු අස්වනු හානිය සියයට 40ක් තරම් ඉහළ මට්ටමක පැවැති බවයි.

කෙසේ වෙතත්, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගන්නා ලද විවිධ තීරණ හේතුවෙන් අස්වනු හානිය අවම වී තිබෙනවා.

ඒ අනුව බෝංචි පසු අස්වනු හානිය සියයට 40 සිට 23 දක්වාත්, බණ්ඩක්කා සියයට 40 සිට සියයට 28 දක්වාත්, වම්බටු සියයට 30 සිට 20 දක්වාත්, ගෝවා සියයට 43 සිට 20 දක්වාත්, පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඇස් රතු වෙන්නම උඩ ගිය එළවළු මිලට අද මොකද වුණේ?.

ඇස් රතු වෙන්නම උඩ ගිය එළවළු මිලට අද මොකද වුණේ?.


එමෙන්ම, පලතුරු අතරින් වැඩිම පසු අස්වනු නාස්තිය වාර්තා වී ඇත්තේ ගස්ලබු හා පේරවලයි.

ඒ අනුව ගස්ලබු පසු අස්වනු හානිය සියයට 46 සිට සියයට 19 දක්වාත්, පේර සියයට 40 සිට 20 දක්වාත් පහත බැස ඇති බව සඳහන් වේ.