වන්දනාවේ ගිහින් ගෙදර එද්දි තවත් බිහිසුණු අනතුරක් - එක් අයෙක් මරුට තවත් 15කට තුවාල

Report

පොළොන්නරුව සිට දෙහිඅත්තකණ්ඩිය දෙසට ධාවනය වූ වෑන් රථයක් වනඅලියෙකුගේ ගැටීමෙන් වූ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම අනතුර අද (01) දින අලුයම බඳනාගල ප්‍රදේශයේදී සිදුව ඇති බවයි සිරිපුර පොලිසිය සඳහන් කළා.

එසේම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය, නාගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්. බී. කරුණාවතී නැමැති 54 හැවිරිදි කාන්තාවක් වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් 16 දෙනෙකු පොළොන්නරුව ප්‍රදේශයේ වන්දනා චාරිකාවක ගොස් යළි නිවෙස් බලා යමින් සිටියදී බව පොලිසිය පැවසුවා.

මීගොඩ රොටී දන්සලේ පෝලිමට මාරයා අරන් ගියේ..වෙසක් අසිරිය ලෙයින් රත් කළ ඛේදවාචකයේ නොදත් තොරතුරු

මීගොඩ රොටී දන්සලේ පෝලිමට මාරයා අරන් ගියේ..වෙසක් අසිරිය ලෙයින් රත් කළ ඛේදවාචකයේ නොදත් තොරතුරු

වාර්තා වූ ආකාරයට බඳනාගල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරහා මාරු වීමට තැත් කළ වනඅලියෙකුගේ වෑන් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. එමෙන්ම අනතුරින් තුවාල ලැබූවන් අතර අවුරුදු 5ක දරුවෙකු සහ මාස 10ක පමණ වයසැති බිළිඳෙකු ද සිටින බව පොලිසිය පවසයි.

මේ අතර තුවාල ලැබූවන්ගෙන් 10 දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර, බරපතළ තත්ත්වයේ පසු වූ අනෙක් පිරිස පොළොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

පොලිසිය තහවුරු කළේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින අලුයම 4ට පමණ කාන්තාව මියගොස් ඇති බවයි.

මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට

මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට