ඔන්න හැමෝම මඟ LPL 2026 ක්‍රීඩක වෙන්දේසිය ආරම්භයි - අයදුම්පත් 400 පනී

Report

ලංකා ප්‍රිමියර් ලීග් 2026 (LPL 6 වැනි අදියර) සඳහා වන නිල ක්‍රීඩක කෙටුම්පත (Player Draft) අද (ජුනි 01) පස්වරු 1.30 ට කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

දේශීය තරු 179ක් සහ විදෙස් ප්‍රබලයින් 242ක් ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 421 දෙනෙකු මෙවර කෙටුම්පත සඳහා ඉදිරිපත්ව සිටින අතර, Platinum, Gold, Classic ඇතුළු ප්‍රධාන කාණ්ඩ යටතේ ඔවුන්ව කණ්ඩායම් වෙත තෝරා ගැනීමට නියමිතයි.

එළඹෙන ජූලි 17 සිට අගෝස්තු 08 දක්වා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රියාත්මක වන අතර ලංකා ප්‍රිමියර් ලීග් 2026 ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී ඇත.

මෙම ක්‍රීඩක වෙන්දේසියේදි දෙස් විදෙස් ක්‍රීඩකයින් 400ක් පමණ අයැදුම්පත් යොමු කර ඇති අතර එම ක්‍රීඩකයින්ගෙන් පිරිසක් කණ්ඩායමක් 6ක් විසින් තෝරා ගැනීමට නියමිතයි. එම කණ්ඩායම් වනුයේ Colombo KAPS, D6 Dambulla SIXERS, Kandy ROYALS, Galle GALLANTS, SC Jaffna KINGS වේ.