කව්රුත් ආදරය කරපු ‘ඉෂිතාට’ නිවුන් පුත්තු [VIDEO]
By Aylin Zoya
ඉන්දීය රූපවාහිනී ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියක වන දිව්‍යන්කා ත්‍රිපති (Divyanka Tripathi) පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විශාල අවධානයක් දිනාගත් පුවතක් මේ වනවිට පැතිර යමින් පවතී.
එම වාර්තාවලට අනුව, දිව්‍යන්කා ත්‍රිපති සහ ඇගේ සැමියා වන විවේක් දහියා (Vivek Dahiya) නිවුන් පිරිමි දරුවන්ගේ දෙමාපියන් බවට පත්ව ඇති බව සඳහන් වේ.
දිව්‍යන්කා ත්‍රිපාති ඉන්දීය රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වූයේ Yeh Hai Mohabbatein ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම හරහාය. එම කතාමාලාවේම රංගනයෙන් දායක වූ විවේක් දහියා සමඟ ඇය 2016 වසරේදී විවාහ විය.
විවාහයෙන් අනතුරුව මෙම යුවළ Nach Baliye නර්තන වැඩසටහනට සහභාගී වී ජයග්‍රහණය ලබාගත් අතර, ඉන්දීය රූපවාහිනී ක්ෂේත්‍රයේ ජනප්‍රියම යුවළක් ලෙසද සැලකේ.