ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට [VIDEO]

Report

ඉබෝලා වෛරසය ආශ්‍රිත අවදානම් තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව අවශ්‍ය සියලු පෙර සූදානම් කටයුතු සිදුකර ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය සඳහන් කරයි.

ඒ ඉබෝලා වෛරසය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ අද(01) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

ඒ අනුව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට අවශ්‍ය සූදානම් සැලසුම් සහ පෙරහුරුවීම් සිදුකර තිබෙන බවයි.

එබැවින් ඉබෝලා ව්‍යාප්තිය වාර්තා වූ කොංගෝව සහ උගන්ඩාව වැනි රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් පිළිබඳ විශේෂ නිරීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.

මේක නොසලකා ඉන්න එපා..මෙනින්ජයිටීස් සහ ඉබෝලා වෛරසය ගැන ලංකාවෙම ජනතාවට සොඛ්‍යයෙන් දැනුම්දීමක්

මේක නොසලකා ඉන්න එපා..මෙනින්ජයිටීස් සහ ඉබෝලා වෛරසය ගැන ලංකාවෙම ජනතාවට සොඛ්‍යයෙන් දැනුම්දීමක්

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකය මඟින් ගුවන් තොටුපොළ සහ වරාය හරහා පැමිණෙන මගීන් නිරීක්ෂණය කරන අතර, සැකකටයුතු රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් පිළිබඳ තොරතුරු වසංගත රෝග විද්‍යා අංශයට වහාම දැනුම් දෙන බව ද ඇය සඳහන් කළා.

තවද, ඉබෝලා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් භාරගෙන අවශ්‍ය ප්‍රතිකාර සහ පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ජාතික බෝවන රෝග ආයතනය රෝහල ද සූදානම් කර තිබෙන බව විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ආයෙත් ලෝකයම ලොක්ඩවුන් වගේ - මාරාන්තික වෛරසය වේගයෙන් පැතිරෙයි - රෝගීන් 1000 පනියි මරණ ගණන ඉහළට

ආයෙත් ලෝකයම ලොක්ඩවුන් වගේ - මාරාන්තික වෛරසය වේගයෙන් පැතිරෙයි - රෝගීන් 1000 පනියි මරණ ගණන ඉහළට

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,