රුහුණු මහා කතරගම දේවාලයේ කප් සිටුවයි - ඇසළ පෙරහැර පැවැත්වෙන දිනය මෙන්න

Report

 2026 වර්ෂය සඳහා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වන ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද (01) උදෑසන සුබ මුහුර්තියෙන් බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.

කප් සිටුවා දින 45ක් සපිරෙන දින මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතා සදහන් කර ඇත.  ඒ අනුව ලබන ජූලි 15 වැනිදා සිට 29 දක්වා ඇසළ පෙරහැර මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් වීදි සංචාරය කිරීමට නියමිතව තීබේ.

ඊට පසුදා එනම් ජූලි 30 වැනිදා දිය කැපීමේ මංගල්‍යය පවත්වන බව වාර්තා වේ  .

වැස්සෙන් පසු මේ රෝගීන්ගේ වැඩිවීමක් - ප්‍රවේශම් වෙන්න

වැස්සෙන් පසු මේ රෝගීන්ගේ වැඩිවීමක් - ප්‍රවේශම් වෙන්න