රටම කළඹමින් සැක සහිත රෝගීන් 237ක් වාර්තා වෙයි - පාසල් දරුවන්ට විශේෂයි - සෞඛ්‍යයෙන් දිවයිනටම මාර්ගෝපදේශ‍යක් [VIDEO]

Report

වසංගත රෝග විද්‍යා අංශය රටේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් සැක සහිත රෝගීන් 237 දෙනෙක් වාර්තා වී ඇති බව සඳහන් කරයි.

එසේම මෙම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හැකි සෑම විටම උණුකර නිවාගත් ජලය පානය කරන මෙන් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම මේ වනවිට වැඩි වශයෙන් වාර්තා වන්නේ වෛරස් ආසාදන නිසා ඇතිවන මෙනින්ජයිටීස් රෝගීන් බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය ප්‍රකාශ කළා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ මෙම රෝගී තත්ත්වය මුලින්ම ඉකුත් අප්‍රේල් 15 වැනි දින මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙන බවයි.

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

ලෝකෙම බය වූ වෛරසය ලංකාවටත්..නිරෝධායන ඒකකය මඟින් මේ මගීන් විශේෂ පරීක්ෂණයකට

අනතුරුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින්ද රෝගීන් වාර්තා වී ඇත. මේ අතර වාර්තා වී ඇති රෝගීන් අතර බහුතරය පාසල් දරුවන් බවත්, ඊයේ (31) දින පස්වරුව වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියේ රෝගීන් 59 දෙනෙකු පමණක් බවත්, අනෙක් සියලු දෙනා සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති බවත් ඇය කියා සිටියා.

තවද වෛද්‍යවරිය ප්‍රකාශ කළේ උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර වන අතර, වෛරස් මෙනින්ජයිටීස් රෝගය බොහෝවිට දින කිහිපයක් ඇතුළත සුව වන බවයි.

මේක නොසලකා ඉන්න එපා..මෙනින්ජයිටීස් සහ ඉබෝලා වෛරසය ගැන ලංකාවෙම ජනතාවට සොඛ්‍යයෙන් දැනුම්දීමක්

මේක නොසලකා ඉන්න එපා..මෙනින්ජයිටීස් සහ ඉබෝලා වෛරසය ගැන ලංකාවෙම ජනතාවට සොඛ්‍යයෙන් දැනුම්දීමක්

එබැවින් මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන සහ පාලන කටයුතු සඳහා විශේෂ කමිටු පත්කර තිබෙන අතර, අපිරිසිදු පානීය ජල මූලාශ්‍ර රෝග ව්‍යාප්තියට හේතු විය හැකි බැවින් සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර ඇත.

එමෙන්ම දරුවන්ගේ ආහාර එකිනෙකා අතර හුවමාරු නොකරන ලෙසත්, සෑම විටම පිරිසිදු හා උණුකර නිවාගත් ජලය භාවිත කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා. 

වැස්සෙන් පසු මේ රෝගීන්ගේ වැඩිවීමක් - ප්‍රවේශම් වෙන්න

වැස්සෙන් පසු මේ රෝගීන්ගේ වැඩිවීමක් - ප්‍රවේශම් වෙන්න

අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,