මීගොඩ රොටී දන්සලේ පෝලිමට මාරයා අරන් ගියේ..වෙසක් අසිරිය ලෙයින් රත් කළ ඛේදවාචකයේ නොදත් තොරතුරු [UPDATE] [VIDEO]
මීගොඩ හයිලෙවල් මාර්ගයේ බැද්දේගෙදර මුල්ල හන්දිය ආසන්නයේ පැවැති රොටී දන්සලක පෝලිමකට කැබ් රථයක් කඩා වැදීමෙන් එකම පවුලේ ඥාතීන් සිව් දෙනකු ඇතුළු හය දෙනකු මිය ගිය බව මීගොඩ පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව වාර්තා වූයේ එම සිව් දෙනා පිළියන්දල වෑවල පල්ලිය පාර පදිංචිව සිටි අවුරුදු 56 ක් වූ පි. බි ඉන්ද්‍රානි, අවුරුදු 35 ක් වූ ඇයගේ දියණිය වන නවීෂා නිලක්ෂි, අවුරුදු 38ක් වූ ඇයගේ සැමියා වන යුද හමුදාවේ සේවය කරන ලසික ප්‍රියංකර නානායක්කාර (මියගිය ඉන්ද්‍රානි නමැත්තියගේ මල්ලිගේ දියණිය වන) පිළියන්දල සමරකෝන් විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන මලීශා සත්සරනි (15) බවට හඳුනාගෙන ඇති බවයි.
එසේම මියගිය නවීෂා නිලක්ෂී සහ ඇයගේ සැමියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියදී පසුගිය සෙනසුරාදා තම මවුපියන්ගේ නිවස වන පිළියන්දල පල්ලිය පාරේ නිවසට පැමිණ ඇත.
ඔවුන් දෙදෙනාව නැවත නිවසට ඇරලීමට ගිය ඉන්ද්‍රානිගේ ස්වාමිපුරුෂයාට අයත් ත්‍රී රෝද රථයෙන් ජීවිතක්ෂයට පත් නවීශා නිලක්ෂි ඇයගේ සැමියා සහා කුඩා දරු දෙදෙනා මෙන්ම ජීවිතක්ෂයට පත් ඉන්ද්‍රාණි, සහ සහෝදරයාගේ දියණියත් කැටුව වෙසක් සිරි නරඹමින් අවිස්සාවේල්ල කරා යමින් සිට ඇත.
ඥාතීන් සඳහන් කළේ ඒ අතරවාරයේ මීගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය නවතා රොටි දන්සලක් වෙත ගොස් පෝලිමේ රැඳී සිට තිබෙන බවයි. එහෙත් එහිදී ත්‍රීරෝද රථයේ රියැදුරු වශයෙන් කටයුතු කළ ජීවිතක්ෂයට පත් ඉන්ද්‍රානිගේ ස්වාමිපුරුෂයා දියණියගේ වැඩිමහල් දරුවා හා ත්‍රීරෝද රථයේ රැඳී සිට ඇති බව සඳහන්.
එහිදී අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් මාර්ගයේ වම් පස දන්සලේ රැඳී සිටි පුද්ගලයන් 13 දෙනෙකු පමණ අනතුරට ලක් කර නොනවත්වා ධාවනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ පිළිබඳව හෝමාගම ගොඩගම හන්දියේ රථවාහන රාජකාරිය යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙත දැනුම්දීමෙන් පසුව කැබ් රථය ගොඩගම හන්දියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
එසේම පොලිසිය ප්‍රකාශ කළේ අනතුරින් තුවාල වූ තවත් හත් දෙනකු මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
එමෙන්ම අනතුර සිදුකළ රථයේ රියැදුරු මත්පැන් පානය කර තිබෙන බවට සනාථ වී ඇති අතර ඔහුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.
පහත වීඩියෝව උපුටා දක්වා ඇත,