මීගොඩ දන්සල් පෝලිමක් ලේ විලක් කරයි - කැබ් රථයකට යටවී 6ක් ජීවිතක්ෂයට

Report

මීගොඩ ප්‍රදේශයේ පැවති දන්සලක් අසල අද සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පොලිස් තොරතුරු අනුව, දන්සල සඳහා පෝලිමේ රැඳී සිටි පිරිසක් වෙත කැබ් රථයක් ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

පාසල් වාර සහ විභාග කාලසටහන් මාරු කරයි - සාමාන්‍ය පෙළ හා උසස් පෙළත් වෙනස් වෙයි

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සිටින බවයි.

මේ අතර, අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.