ඉන්ධන ගැන නරක ආරංචියක් - ඉන්ධන සහනාධාර සැප්තැම්බරයට පෙර ඉවතට?
අද (1) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පැවසුවේ ඉන්ධන සඳහා රජයෙන් දී ඇති සියලු සහනාධාර සැප්තැම්බරයට පෙර ඉවත් කිරීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මූල්‍ය අරමුදල ගිය සතියේ ලංකාවට ඩොලර් මිලියන 695 ක් දුන්නේ ඉන්ධන මෙන්ම විදුලි බිල වැඩි කිරීමේ කොන්දේසි යටතේ බවයි.
කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී ජී.එල්.පීරිස් මහතා මෙසේද කීය.
"දැන් ඉන්ධන මිල හත්වෙනි වතාවටත් වැඩි කරලා තියෙනවා. මේ ගතවෙච්ච මාස පහ ඇතුළත හත්වෙනි වතාව. මේ සැරේ සෑහෙන ප්‍රමාණයකින්. පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් සියල්ලේම මිල වැඩි කළා. එතනින් නවතින්නෙ නෑ. ආයෙත් මිල වැඩි වෙනවා. ලයිට් බිලත් වැඩි වෙනවා. මේවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවලා තිබෙන අනිවාර්ය කොන්දේසි. මේවට යටත් වෙලා තමයි ගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට යූ.එස්. ඩොලර් මිලියන 695ක් ලබා දුන්නේ. නිකන් නෙමෙයි. මේ කොන්දේසි වලට ශ්‍රී ලංකා රජය අවනත කරගනිමින්"
[