වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි - දරුවකුට අසාධ්‍යයි

Report

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් තුවාල ලැබූ දරුවෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා. දිඹුලපතන සෙන්ක්ලෙයාර් වතුයාය ආසන්නයේදී අද (29) පෙරවරු 9.00 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

හැටන් - නුවරඑළිය මාර්ගයේ සෙන් ක්ලෙයාර් ප්‍රදේශයෙන් ධාවනය කළ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇත. මෙම වෑන් රථය මහනුවර ප්‍රදේශයේ සිට අලුතින්ම මිලදී ගෙන රැගෙන ආ එකක් බවත් අනතුර සිදුවන අවස්ථාවේදී රථය පියා විසින් පදවා ඇති අතර, ඔහුගේ දරුවන් තිදෙනාද රථය තුළ සිට ඇති බවත් වාර්තා වේ.

අනතුරින් රථයේ සිටි එක් දරුවකු තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තුවාල ලැබූ දරුවා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. ​

රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇති අතර දිඹුලපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.