හොර වැඩ කරන්න ගිය රාජ්‍ය නිලධාරිනියට වැඩ වැරදුනු හැටි

Sri Lanka Government Of Sri Lanka Bribery Commission Sri Lanka
By Zara Mar 17, 2025 06:25 PM GMT
Zara

Zara

Report

රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගත් තක්සේරු නිලධාරිනියක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී කුරුණෑගල, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙන්නේ,පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩු කර සකස්කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන්ය.

එහිදී අද (17) දින අදාළ අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධව වයඹ පළාත් සභාවේ පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම තක්සේරු නිලධාරිනිය ඇය සේවය කරනු ලබන කාර්යාලයේ නිල මේසය අසලදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එකපාරම විදෙස් ගමන් තහනමක් දැම්මේ කාටද?

එකපාරම විදෙස් ගමන් තහනමක් දැම්මේ කාටද?

මිනිසුන් මෙන් වෙස්වලාගත් තිරිසනුන් පිරිසක් කල සාහසික ක්‍රියාව

මිනිසුන් මෙන් වෙස්වලාගත් තිරිසනුන් පිරිසක් කල සාහසික ක්‍රියාව

ReeCha