IPL ඉතිහාසයම අලුත් කළ ළාබාලතම ක්රීඩකයා.. කෝටී ගාණකට අලෙවි වෙලා.. වයස කීයක් කියල ද හිතන්නේ?.
Cricket
India
Latest Headlines
Decision Making
IPL 2025
By krishani
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්රීඩකයා වීමට 13 හැවිරිදි දරුවෙකු සමත් වී ඇත.
ඒ ඉන්දියාවේ බිහාර් ප්රාන්තයේ වෙසෙන වෛභවි සූර්යවංශි ය.
මොහු ඊයේ (25) සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැති IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 1.1කට අලෙවි විය.
ඒ අනුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඔහුව මිලට ගනු ලැබීය.
දිල්ලි කැපිටල් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැති තියුණු තරගයකින් අනතරුව ක්රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 1.1කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අවසානයේදී වෛභවි සූර්යවංශි මිල දී ගත්තේ ය.
කෙසේ වෙතත්, IPL ක්රීඩක වෙන්දේසියකදී ඉහළ වටිනාකමක් හිමි වූ ලාබාලතම ක්රීඩකයා ලෙස වෛභවි සූර්යවංශි වාර්තා අතරට එක් විය.
You May Like This Video👇
.