නව රජය වසරේ ඉදිරි කාලයේ රටේ වියදම් දරන්නේ මේ විදිහට. - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

Sri Lanka Cabinet Ministry of Finance Sri Lanka Economy of Sri Lanka
By Wayomi Nov 26, 2024 07:30 AM GMT
Wayomi

Wayomi

Report

වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත්‍ර ගැන රජය කරුණු දක්වා ඇති බව අද කැබිනට් හමුවේදී දැනුම් දුන්නා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

"මට වාහනයක් හා ඉන්න තැනක් අවශ්‍ය වෙයි." - ඇමතිනී සරෝජා.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ විෂමතා ඉවත් කිරීම ගැන විශේෂ තීරණයක්.

එම ක්ෂේත්‍ර මෙන්න,

(i) ශ්‍රී ලංකා රජයේ ශේෂ පත්‍රයට මාරු කරන ලද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය හේතුවෙන් බැංකු වෙත ලබා දීමට නියමිත පොලී සහනාධාර ගෙවීම පිණිස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 130,000ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(ii) ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නමින් ඇති ඩොලර් ගිණුම් වල පවතින ශේෂය මත ඇති වී ඇති විනිමය අලාභය ගිණුම් ගක කිරීම පිණිස භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 18,000ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(iii) ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත පොලී අනුපාතික ලබා දීමේදී බැංකු විසින් දරන ලද අමතර පොලී ගෙවීම් ප්‍රතිපූරණය කිරීම පිණිස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 32,641ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(iv) චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා දුන් පාසල් නිල ඇඳුම් රෙදිවල වටිනාකම ගිණුම්ගත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 9,829 ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(v) ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලැබී ඇති ගුවන් යානා 2ක වටිනාකම ගිණුම්ගත කිරීම සහ බදු ගෙවීම පිණිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 8,331 ක ප්‍රතිපාදන සලසා ගැනීම.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

රජයෙන් වාහන ආනයනය සිදුවෙන හැටි ගැන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

(vi) වැඩි කරන ලද විශ්‍රාමික දීමනා ගෙවීම පිණිස විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,400 ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(vii) ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව මුල්හ නීති උපදේශකයින් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූරණය කිරීම පිණිස මුදල් අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 3,213ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(viii) චීන රජයේ ප්‍රදානයක් ලෙස උතුරු හා නැගෙනහිර පළාත් වල කුඩා පරිමාණ ධීවරයින් සඳහා සහන සැලසීමට ලැබී ඇති හදිසි ආධාර ගිණුම්ගත කිරීම පිණිස ධීවර අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,533ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(ix) ජපන් රජයේ ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අංශයේ අවශ්‍යතා සඳහා ලැබී ඇති ඉන්ධන තොගවල වටිනාකම ගිණුම්ගත කිරීම හා රුපියල් මිලියන 5,225.5 ක තීරු බදු ගෙවීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුසියල් මිලියන 10,826 ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(x) පාසල් පෝෂණ වැඩසටහන සඳහා එක් ශිෂ්‍යයෙකු වෙනුවෙන් දෛනිකව දැරිය යුතු මුදල රුපියල් 85/- සිට රුපියල් 110/- දක්වා වැඩි කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,800ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(xi) ස්වභාවික ආපදා හේතුවෙන් හානියට පත් වූ දේපළ ප්‍රතිසංස්කරණය සඳහා වන්දි ගෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන සලසා ගැනීම.

(xii) බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර වල රැඳවියන් වැඩිවීම සහ ආහාර මිල ඉහළ යාම හේතුවෙන් ආහාර පාන සඳහා දැරිය යුතු පිරිවැය ඉහළ යාම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන සලසා දීම පිණිස ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 1,400ක ප්‍රතිපාදන සලසා ගැනීම.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

E8 වීසා ගැන රජයේ ස්ථාවරය.

E8 වීසා ගැන රජයේ ස්ථාවරය.


You may like this video

 


ReeCha