කුලියාපිටියම සංවේදී වුණ.. ජිප් එකත් එක්කම ඔයට වැටී.. මියගිය සහෝදරයින් ගැන තවත් තොරතුරු..(VIDEO)

Kurunegala Sri Lanka Police Investigation Accident Death Latest Headlines
By krishani Nov 23, 2024 02:54 PM GMT
krishani

krishani

Report

කුලියාපිටිය - කඹුරාපොළ පාලම අසලින් බුජ්ගමුව ඔයට සුඛෝපභෝගී ජිප් රථයක් පෙරළි පුද්ගලයින් දෙදෙනෙක් මිය ගියේ ය.

එම තරුණයින් දෙදෙනා බීමත්ව සිට ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය. 

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වන ඔවුන් මෙම අනතුරට ලක්ව තිබුණේ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී යළි කොබෙයිගනේ පිහිටි නිවස වෙත යමින් සිටිය දී වේ.

අවසර ලැබෙන්නෙ මෙන්න මේ අයට පමණයි.. උසස් පෙළ විභාගය ගැන කළ දැනුම්දීම මෙන්න..

අවසර ලැබෙන්නෙ මෙන්න මේ අයට පමණයි.. උසස් පෙළ විභාගය ගැන කළ දැනුම්දීම මෙන්න..

මෙලෙස මියගොස් තිබුනේ මහා පරිමාණ බිත්තර නිශ්පාදකයෙකුගේ පුතුන් දෙදෙනෙකු ය.

ඔවුන් පිරිමි දරුවන් තුන් දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහල් සහ දෙවැනි සොහොයුරන් වේ.

මීට සති 2කට පමණ ඉහත දී ඔවුන් ලංකාවට පැමිණ ඇත්තේ විදෙස්ගතව උසස් අධ්‍යාපනය ලබන අතර කෙටි නිවාඩුවක් සඳහා ය.

මියගිය 27 හැවිරිදි නිර්මාල් ධනංජය ජපානයේ උසස් අධ්‍යාපනය ලබන අයෙක් වන අතර, ඉෂාන් පියුමාල් නම් 25 හැවිරිදි ඔහුගේ බාල සොහොයුරා ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා.

සිද්ධිය දුටුවන් පවසන්නේ, අධික වේගයෙන් ධාවනය කළ ජීප් රථය කඹුරාපොළ පාලමට මීටර් 100කට පමණ ඉදිරියෙන් තිබූ දුරකථන කණු කිහිපයක ගැටී මාර්ගයේ ඇදී ගොස් පාලමෙන් පහළට ඇද වැටුණු බවය.

ජීප් රථය සහ එහි සිටි පුද්ගලයින් ගොඩ ගැනීම සඳහා පොලිසියට සහ ප්‍රදේශවාසීන් අලු‍යම් කාලයේදීම දොඹකරයක් ආධාරයෙන් මෙහෙයුමක් දියත් කළත් එය සාර්ථක වී නොමැත.

වඳුරව නිධන් හෑරිල්ල නවති.. එකවරම වුණ දෙය මෙන්න..

වඳුරව නිධන් හෑරිල්ල නවති.. එකවරම වුණ දෙය මෙන්න..

අනතුරුව පැය 6ක පමණ දැඩි පරිශ්‍රමයක් පසුව ජිප් රථය ගොඩට ගැණුනත් ඒ තුල සිටි පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබිණ.

කෙසේ වෙතත්, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, එම අනතුර සිදුවූ ස්ථානය වංගු සහිත මාර්ගයක් බැවින් රථය රියදුරුගේ පාලනයෙන් මිදීම, අනතුරට හේතුව විය හැකි බව ය.

එම අනතුරෙන් පසුව එහි සිදුවුණ දර්ශන ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න,


You May Like This Video 👇 

.


ReeCha