මහ දවල් මැද්දේ මොකක්ද මේ තුවායක් ඇඳගෙන නටන නැටුම ..සියලු පිරිමින්ට සුභත් පතලා ..(VIDEO)
ඉන්දියාවේ කොල්කටාහි නිරූපිකාවක් ඊයේ (20) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර පිරිමි දිනය වෙනුවෙන් තුවායක් ඇඳගෙන නර්තනයේ යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
දිල්ලියෙහි පිහිටි ඉන්දියා ගේට් අසල සුදු පැහැති තුවායක් ඇඳගෙන නර්තනය යෙදෙන ඇයගේ වීඩියෝවට සමාජයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල වන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටියක් වන Dilwale Dulhania Le Jayenge හි අඩංගු ගීතයක් රඟ දක්වමින් ඇය නටමින් සිටින අයුරුයි එම වීඩියෝවේ දැක්වෙන්නේ.
ඇයගේ වීඩියෝව එම චිත්‍රපටයේ කාජල්ගේ නර්තන අනුපිළිවෙලෙහි ප්‍රතිනිර්මාණය වන අතර, චිත්‍රපටයේ කාජල් ඇයගේ කාමරය තුළ තුවායක් ඇඳගෙන නර්තනයේ යෙදේ.
''සුභ ජාත්‍යන්තර පිරිමි දිනයක් වේවා'' යනුවෙන් සටහනක් තබමිනුයි ඇය මෙම වීඩියෝව සමාජ මාධ්‍ය හරහා බෙදාගෙන ඇත්තේ.
කුඩා දරුවන් ඇතුළු සංචාරකයින් විශාල පිරිසක් ඇය කරකවමින් තුවාය විවෘත කරමින් නර්තනයේ යෙදෙන අයුරු බලා සිටින බව දක්නට ලැබෙනවා.
එම වීඩියෝව පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ 200,000 නරඹා ඇති අතර, බොහෝ පරිශීලකයින් ඇයට බැණ වැදී තිබෙනවා.
මිස් කොල්කටා තරගයෙන් 2017 දී කිරුළ දිනාගෙන ඇතැයි කියන සන්නති මිත්‍රා නම් ඇය, මීට පෙර ආගමික පුජා උත්සවයකදී කාන්තාවන් දෙදෙනෙකු සමඟ එම අවස්ථාවට නොගැලපෙන ඇඳුමක් ඇඳගෙන සිටින ඡායාරූපයකට පෙනී සිට තිබෙනවා.
එමෙන්ම මිස් කොල්කටා 2016 කිරුළ දිනූ බව පැවසෙන හේමෝශ්රී භද්‍රා සමඟ ඇය, ආගමික උත්සවයක් සඳහා නුසුදුසු යැයි බොහෝ දෙනා සලකන ඇඳුම් ඇඳගෙන සිටීම නිසා එවකට ද සමාජ මාධ්‍ය විවේචනයට ලක්ව තිබුණා.
मैं इसकी कड़ी निंदा करता हूँ !!!
— Kamit Solanki (@KamitSolanki) November 20, 2024
ऐसे वीडियो बनाकर आज की जनरेशन समाज को क्या संदेश देना चाहते है ?
ईन लोगों के खिलाफ कडी कार्यवाही होनी चाहिए
मिस कोलकाता सन्नति मित्राने दिल्ही मे इंडिया गेट पर ये हरकत की है #sannati #indiagate #Delhi #DelhiPollution #viralvideo pic.twitter.com/BpXVmkcXD1