නව රජයේ ආයතන භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙයි.

Government Of Sri Lanka
By Wayomi Nov 26, 2024 08:01 AM GMT
Wayomi

Wayomi

Report

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එම මාර්ගෝපදේශ ඇතුළත් කරමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව මගින් "ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 2024 " සකස් කර ඇත.

එම මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් සහ එය ලබන වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කිරීම බලාත්මක කරමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ මහ ලේකම් ඩී.සී.සිරිබද්දන මහතා විසින් ඊයේ(25) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

   

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 2024 


You may like this video 


ReeCha