කෙහෙළියගේ පයිප්ප නඩුවට සිදුවූ දේ..
Keheliya Rambukwella
Sri Lanka Politician
Latest Headlines
By Sewvandhi
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ,ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නව ලක්ෂ අසූ දහසකට අධික මුදලක් වැයකර ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද (26) යළි විභාගයට ගත්තේය.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වූ අතර ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි.
වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජනවාරි මස 27 දා දක්වා කල්තැබීමටද අධිකරණය නියෝග කළේය.
...................................................
You May Like This Video 👇