අනේ ඉතින් බලන්නකෝ ලංකාවට තියන අදරේක තරම..යන්න හිත දීලම නෑ කියන්නේ..

Report

 වීසා කාලය නිමා වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ කිරුළපන ප්‍රදේශයේ තාවකාලික නේවාසිකාගාරක රැදී සිටිය දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

උපකාරක පන්ති තහනම් කිරීම ගැන රජයේ තීරණය..සමස්ත ක්‍රමයම වෙනස් කරනවා...

උපකාරක පන්ති තහනම් කිරීම ගැන රජයේ තීරණය..සමස්ත ක්‍රමයම වෙනස් කරනවා...

ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දී තිබූ බුද්ධි තොරතුරු පදනම් කර ගෙන සිදුකළ වටලිමක දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවන් තිදෙනක් ද අත්අඩංගුවට ගැනුණු පිරිස අතරට අයත්.

බංගලදේශ ජාතිකයන් 16ක්, පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙක්, බුරුන්ඩි ජාතිකයන් 02 දෙනෙකු සහ ඉන්දියානු ,පිලිපීන , උගන්ඩා, ඉතියෝපියා, කෙන්යා සහ නේපාල ජාතිකයෙකු බැගින් අත්අඩංගුවට ගැනුණු පිරිස අතරට අයත්.

ගාස්තු සංශෝධනය පිළිබද ලංවිමෙන් දැනුම්දීමක්..

ගාස්තු සංශෝධනය පිළිබද ලංවිමෙන් දැනුම්දීමක්..

අත්අඩංගුවට ගැනුණු විදේශිකයන් පිරිස වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

මොවුන් පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වූ වහාම මෙරටින් පිටුවහල් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.


You may like this video