කනත් කපා අමානුෂික ලෙස 10 වසරේ සිසුවාට පහරදුන් සිසුන්.

Sri Lanka Sri Lanka Police Investigation Sri Lankan Schools
By Sithumi Apr 04, 2023 03:10 PM GMT
Sithumi

Sithumi

Report

10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දී කඩදාසි කපන පිහියකින් එම සිසුවාගේ කන කපා බරපතළ තුවාල සිදුකළ සිද්ධියක් වඳුරඹ ප්‍රදේශයේ පාසලකින් වාර්තා වනවා . 

 මෙම පහර දීමට සිසුන් 5දෙනකු සම්බන්ධ වී ඇති අතර ඔවුන් නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පාසල් කිහිපයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකි.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති අතර, පහරකෑමට ලක්වු මෙම සිසුවා බේරීමට අසල ඇති කැලයකට දිව ගොස් ජීවිතය බේරාගෙන ඇති බවයි සඳහන් වන්නේ. 

 කෙසේ වෙතත් පසුව එම සිදුවීමට අදාළ සිසුන් පිරිස එහි ගම්වාසීන් එක්ව අල්ලාගෙන ඔවුන්ට පහරදී පොලීසියට භාරදී තිබෙනවා.

පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha