පොදු ස්ථානවලට ප්‍රවේශ වීමට එන්නත් කාඩ් පත අද සිට අවශ්‍යද? විස්තරේ මෙන්න
By Sithumi
පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේ දී කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත අද සිට අනිවාර්ය කර තිබුණ ද එය බලාත්මක වීමට තවත් සතිදෙක තුනක් ගතවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
පොදු ස්ථාන වලට පිවිසීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද සිට ක්‍රියාත්මක බව මීට පෙර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් එන්නත් දෙක ම ලබා නොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීමට අදාළ නීති රාමුවට දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |