කොවිඩ් පාලන එන්නත් ගැන මෙරටින් ඇහෙන කතාව.

COVID-19 COVID-19 Vaccine Sri Lanka
By krishani Aug 11, 2023 02:45 PM GMT
krishani

krishani

Report

මේ වන විට අප රටෙහි කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට භාවිතා කරන කිසිදු වර්ගයක එන්නතක් නොමැති බව වාර්තා වේ.

එය ගැටළුකාරී තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ වන විට නව කොවිඩ් ප්‍රබේදයක් බටහිර රටවල් තුළ පැතිර යමින් පවතින බවට හදුනා ගෙන ඇති බවත් මෙරට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියත්මක වන තත්ත්වය ඉතාමත්ම කනගාටු දායක බවත් ය.

එමෙන්ම රෝගය පාලනය කිරීම සදහා එන්නත් නොමැති බවත් අපේ කිසිදු පාලනයක් නොමැති බවත් මෙම තත්ත්වය නිසා අපේ රට නැවතත් පෙර තිබුණූ තත්ත්වයට ඇද වැටෙන්නට ඉඩ ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

ReeCha