එන්නත්කරණය නොමැති අයට රතු එළියක්...මේ ස්ථාන වලට යාම සපුරා තහනම් කෙරේ.
එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති මන්නාරමේ වැසියන්ට හෙට සිට මුහුදු යාමට හෝ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට කටයුතු කර ඇති බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්. විනෝදන් ප්‍රකාශ කළා.
මන්නාරමේ ඊයේ පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, පොලිස් මුර පොළවල් සහ ධීවර තොටුපලවල්වලදී එන්නත් කාඩ්පත් පරීක්ෂා කිරීමටයි තීරණය කර ඇත්තේ.
මන්නාරම් වැසියන් හා ඉන්දීය ජාතිකයන් අතර සබඳතා ඉහළ යාමද මෙම තීරණයට හේතු වී තිබෙනවා.
මේ අතර කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටිනවා.
තවමත් සියයට සියයක් සෑහීමකට පත්විය හැකි තත්ත්වයට පැමිණ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 488482ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර පසුගිය ඉරිදා දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 135ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
