යුද්දයේ අවසානය ඉරානේ අතේ - ඉරානයෙන් ඇමරිකාවට කනේ පහරක් - දිනේ තීරණේ කරන්නේ අපි ඇමරිකාව නෙමෙයි
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය තවදුරටත් උත්සන්න කරමින්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් ජනපද නාවික බලඇණියක් සහ 'ජෙරල්ඩ් ෆෝඩ්' (Gerald Ford) ගුවන් යානා ප්‍රවාහන නෞකාව අපේක්ෂාවෙන් සිටින බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශක මේජර් ජනරාල් අලි මොහොමඩ් නායිනි පැවසූ බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ යුද්ධයේ කාලසීමාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර ලෙස මෙම අදහස් දැක්වීම කර ඇත.
තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්
ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රකාශක මේජර් ජනරාල් අලි මොහොමඩ් නායිනි මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ යුද්ධය අවසන් වන්නේ කවදාද යන්න තීරණය කරනු ලබන්නේ වොෂින්ටනය නොව ටෙහෙරානය විසින් බවත්, එය "ඉරානයේ අතේ" පවතින බවත්ය.
ඔහු චෝදනා කරන්නේ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් බේරීම සඳහා ඇමෙරිකානු යුද නෞකා සහ ගුවන් යානා දැනටමත් කලාපයෙන් ඉවත්ව කිලෝමීටර් 1000කට වැඩි දුරකින් ස්ථානගත වී ඇති බවයි.
ජනාධිපති ට්‍රම්ප් සඳුදා ප්‍රකාශ කළේ, මෙම යුද්ධය කෙටි කාලීන එකක් වනු ඇති බවයි. කෙසේ වෙතත්, ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ගමනාගමනයට බාධා කළහොත්, ඊට "අතිශය දරුණු ප්‍රතිවිපාක" සහ දැඩි ඇමෙරිකානු ප්‍රහාර එල්ල වන බව ඔහු පවසා සිටියේය.