ට්‍රම්ප් අසතුටෙන් - ඉරානේ අලුත්ම සාම යෝජනාවටත් යුද ගිනි නිවන්න බැරි වෙයිද?

Report

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාව සලකා බලමින් පවතින බව ධවල මන්දිරය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එහෙත් මාස දෙකක යුද්ධය විසඳීමට ඉරානයෙන් ඉදිරිපත් කරන ලද නවතම යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොසතුටින් සිටින බව එක්සත් ජනපද නිලධාරියෙක් පවසන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඉරානයේ මෙම නවතම යෝජනාව මඟින් යුද්ධය අවසන් වී ගල්ෆ් කලාපයෙන් නැව්ගත කිරීම පිළිබඳ ආරවුල් විසඳන තෙක් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීම පසෙකට දමනු ඇති බව සඳහන්.

වසර 20කට පසු බ්‍රිතාන්‍ය රජෙකු අමෙරිකාවේ - චාල්ස් රජු සහ ට්‍රම්ප් හමුවූ ඓතිහාසික මොහොත

වසර 20කට පසු බ්‍රිතාන්‍ය රජෙකු අමෙරිකාවේ - චාල්ස් රජු සහ ට්‍රම්ප් හමුවූ ඓතිහාසික මොහොත

ඒ අනුව න්‍යෂ්ටික ගැටළු ආරම්භයේ සිටම විසඳා ගත යුතු බව සඳහන් කරන එක්සත් ජනපදය ඉන් සෑහීමකට පත් කිරීමට අපහසු බවත්, එබැවින් ට්‍රම්ප් ඉරානයේ යෝජනාව ගැන නොසතුටින් සිටි බවත්, ජනාධිපතිවරයා සඳුදා (දේශීය වේලාවෙන්) දින ඔහුගේ උපදේශකයින් සමඟ පැවති රැස්වීම සම්බන්ධයෙන් විස්තර කළ එක්සත් ජනපද නිලධාරියෙක් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ලෝකෙටම අලුත් බලාපොරොත්තුවක් - හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානය ගේන අලුත්ම යෝජනාව

ලෝකෙටම අලුත් බලාපොරොත්තුවක් - හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානය ගේන අලුත්ම යෝජනාව

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක් - අද සිට ඇරඹෙයි